රත්නපුර ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 7 කට නාය අවදානම්


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

පවතින  අධික වර්ෂාවත්  සමඟ  රත්නපුර දිස්ත්‍රික්කයේ  ප්‍රදේශිය ලේකම් කොට්ඨාස  හතක  නාය යෑමේ  අවදානම්  කලාප වල  ජිවත්නෙ ජනතාව  විමසිල්ලෙන්  සිටින්නැයි  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  ජනතාවට  දැනුම්  දෙයි.

බලන්ගොඩ ,පැල්මඩුල්ල ,රත්නපුර ,කිරිඇල්ල ,කලවාන ,ඇලපාත  සහ නිවිතිගල  යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාසවලට අයත් ප්‍රදේශවල  තද  වර්ෂාව පවතින  අවස්ථාවලදී  නාය  යෑමේ  අවදානම්  තත්ත්වයක්  ඇතිවිය  හැකි  බව  ජානක ගොඩනැගිලි පර්යේෂණ සංවිධායේ රත්නපුර  කාර්යාලය පවසයි.