(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
මෙවර මහමැතිවරණය සඳහා රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද දායකයන් 31,638 ක් සිය තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බව රත්නපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් කළාය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ තේරීම්භාර නිලධාරීතුමිය සඳහන් කළේ අඩුපාඩු සහිත තැපැල් ඡන්ද අයැදුම්පත් 1533 ක් ප්‍රතික්ෂේප කිරීමට සිදු වූ බවත්ය.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රදේශ 08 ක් පවති. ඇහැළියගොඩ 3821,රත්නපුර 5401,පැල්මඩුල්ල 2453,බළංගොඩ 4800,රක්වාන 3992,නිවිතිගල 2928,කලවාන 2173,කොළොන්න 6070,වශයෙන් තැපැල් ඡන්ද දායකයින් 31,638 මෙවර තැපැල් ඡන්දය භාවිතා කිරිමට රත්නපුර දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලබා සිටිති.
එමෙන්ම 2019.11.16 දින පැවති ජනාධිපතිවරණය සඳහා, 2018 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා තැපැල් ඡන්ද දායකයන් 29,715 දෙනෙකු සුදුසුකම් ලබා තිබිණි.
එය මෙවර 31,638 කි. ඒ අනුව 2020.08.05 වන දින පැවැත්වීමට නියමිත මහමැතිවරණය සඳහා උපයෝගී කර ගනු ලබන 2019 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව තැපැල් ඡන්ද දායකයින් 1923 ක් මෙවර වැඩි වී ඇත.