(එම් .සුසිල් ප්‍රියන්ත )
රත්ගම ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශවල සියලුම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට හෙට (25) සිට පියවර ගන්නා බව රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ටි . නිමල් මහතා පැවසීය.
රත්ගම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් හා ප්‍රදේශවාසින්ගෙන් සිය ප්‍රදේශවල තිබෙන අනවසර ඉදිකිරීම් පිළිබඳව ලැබෙන තොරතුරු සොයා බලා මේ පියවර ගන්නා බවද සභාපතිවරයා සඳහන් කළේය.
අනවසර ඉදිකිරීම් පාරිසරික ගැටලු රාශියක් ඇති කර ඇති බවත් දින කිහිපයකට ඉහතදී ඇද හැලුණු වර්ෂාවෙන් මින් පෙර යට නොවුනු ප්‍රදේශද වැසි ජලයෙන් යටවූ බවත් එය සැලකිල්ලට ගනිමින් මේ පියවර ගත් බවත් සභාපතිවරයා පැවසීය.