රජයේ කැලෑවක් අනවසරෙන් එළිපෙහෙළි කළ දෙදෙනෙකුට දඩ


සමිපත් ප්‍රියනන්දන

රජය⁣ට  අයත්   කැලෑවක  අක්කර  භාගයක  කොටසක්  අනවසරෙන්  එළිපෙහෙළි  කල පුද්ගලයන්  දෙදෙනකු  අධිකරණය  හමුවෙි  වරදකරුවන්  විමෙන්   එක් අයෙකුට රුපියල් 20000 ක බැගින්   රුපියල්  40000 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (22) දි  නියෝග කලේය.

ඉඔුල්පේ  හාගල  සහ  හතරභාගේ   යන  ප්‍රදේශවල පදිංචි  පුද්ගලයන් දෙදෙනෙකුට මෙලෙස  දඩ නියම  විය.

මොවුන් දෙදෙනා  රජයට අයත්  කැලෑවකට අනවසරෙන්  ඇතුළු  වි එය  එළිපෙහෙළි  කරමින්  සිටියදි  බලන්ගොඩ   අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතා ඇතුළු  වන සංරක්ෂණය නිළධාරීන් කණ්ඩායමක් විසින්  අත්අඩංගුවට  ගනු  ලැබිය.

පසුව මොවුන්ට එරෙහිව නඩු පවරා  අද (22)  බලන්ගොඩ  මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු මෙලෙස  හතලිස් දහසක  දඩ  මුදලක්  ගෙවිමට  සිදු  විය.