රජය වී කිලෝ ලක්ෂ 70 මිලට ගනී


කේ ප්‍රේමතිලක ද සිල්වා

වී අලෙවි මණ්ඩලය මේ වන විට වී කිලෝ ලක්ෂ හැත්තෑවක් මිලයට ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලයේ උප සභාපති සහකෘෂි ආර්ථික විශ්ලේෂක දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි.

මෙයින් වැඩිම වී ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් සහ උතුරු පළාතෙනි.

මෙසේ තරගකාරී ලෙස වී මිලදී ගැනීම සඳහා රජය වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 16000 ක් මේ වනවිට ලබාදී ඇතැයි ද උප සභාපතිවරයා කියයි.

ආරක්ෂිත තොග රැස්කර ගැනීම සඳහා රජයට ඇති අවශ්‍යතාවය හෙයින් මේ වන විට සහතික මිල ඉක්මවා ගොස් ගොවීන්ගෙන් වී කිලෝවක් රුපියල් 56.50 මේ වන විට මිලට ගැනීමටවී අලෙවි මණ්ඩලය කටයුතු යොදා තිබේ.

මේ රටේ ගොවියා සහ පාරිභෝගිකයා යන දෙපිරිසම ආරක්ෂා කර ගැනීමට කටයුතු කර ඇති රජය ඉතිහාසයේ කිසිම කාලපරිච්ඡේදයක නොතිබූ ආකාරයටවී මිලදී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇතැයි ද වී අලෙවි මණ්ඩලයේ උප සභාපති පවසයි