යුද හමුදා කැබ් රිය පෙරැළි හතක් රෝහලේ


(පාලිත ආරියවංශ) 


යුද හමුදාවෙන් පලාගිය සෙබළෙකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකට සහභාගිවූ ආරක්ෂක අංශ වලට අයත් පිරිසක් ගමන් කළ කැබ් රිය  බදුල්ල - මහියංගණය මාර්ගයේ දුන්හිද,තිඹිරිගස්පිටිය දී අනතුරකට ලක්වීමෙන් තුවාල ලැබු හත් දෙනෙක් බදුල්ල මහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි.


තුවාලකරුවන් අතර යුද හමුදා පොලිසියේ  තිදෙනෙක්,  යුද හමුදාවේ දෙදෙනක් , පොලිස් නිලධාරියෙක් හා හමුදාවෙන් පලාගිය සෙබළාද  වන බව පොලිසිය සඳහන් කරයි.


යුද හමුදා වෙන් පලාගිය සෙබළෙකු  සොරණාතොට , මීගහවෙල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන දියතලාව යුද හමුදා කඳවුර වෙත රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ  .