යාපනයේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි



 
 
රොමේෂ් මධුෂංඛ
 
යාපනය දිස්ත්‍රීක්කයේ පවතින අයහපත් වාතාවරණය යථා තත්වයට පත්වන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය දිස්ත්‍රීක්කයේ රාජකාරි කටයුතු වල නිරත සියලුම නිලතල දරන පොලිස් නිලධාරීන් ඇතුළු සියලුම දෙනාගේ නිවාඩු අද (4) දින සිට අවලංගු කිරීමට උතුරු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් පියවර ගෙන ඇත.


යාපනයෙ සිදු වන ආවා ක්‍රියාකාරකම් ඇතුළු අනෙකුත් සිදුවීම් සැළකිල්ලට ගනිමින් ජනජීවිතය සාමාන්‍ය තත්වයට පත්වන තුරු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කොට විශේෂ පොලිස් ආරක්ෂාවක් යාපනය දිස්ත්‍රීක්කය තුළ ක්‍රියාත්මක කිරීමට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින් පියවර ගෙන ඇත.


මේ අතර යාපනයේ පවතින අයහපත් වාතාවරණය පිළිබඳ සොයා බැලීමට හා පොලිස් ජංගම සේවය පැවත්වීමේදී එයටද සහභාගී වීම සඳහා පොලිස්පති පූජිත ජයසුන්දර මහතාද මේ මස (ජුලි) 7 වැනි දා යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වීමේ සූදානමක් ද ඇත.