යාපනයේ ආවා කල්ලි ප්‍රහාරයෙන් දෙදෙනෙකුට තුවාල



රොමේෂ් මධුෂංඛ
 
යාපනය දිස්ත්‍රික්කයේ චුන්නාකම් හා කොකුවිල් ප්‍රදේශවලදී රාත්‍රීයේ ආවා කල්ලියේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව යාපනය හා චුන්නාගම් පොලීසිය පවසයි.


පළමු ප්‍රහාරය එල්ල වී ඇත්තේ යාපනය චුන්නාගම් ප්‍රදේශයේ නිවසකට වන අතර එහිදී යතුරුපැදි 4 කින් 8 දෙනෙකු මුහුණු ආවරණය කරගනිමින් පැමිණ නිවසේ තිබූ බඩු බාහිරාදියට හානි කර 15 හැවිරිදි සිවරාසා සාරුජන්ට තියුණු ආයුධ වලින් පහරදී පලා ගොස් ඇති අතර පහරදීමෙන් තුවාල ලැබූ තම පුතණුවන් යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කළ බව තුවාල ලැබූ සිවරාසා සාරුජන්ගේ පියා වන අරුනාචලම් සිවරාසා චුන්නාගම් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.  


මේ අතර යාපනය පොලිස් වසමේ පූනාරි මාර්ගයේ කොකුවිල් ප්‍රදේශයේ දී ගමන් කරමින් සිටි තරුණයකුට ද ආවා කල්ලි ප්‍රහාරයක් එල්ල වී රෝහල් ගත කර ඇති බවට යාපනය පොලීසිය පවසයි.