(රංජිත් රාජපක්ෂ )
හැටන් කොටගල ප්‍රධාන මාර්ගයේ භාතියපුර ප්‍රදේශයේදී යතුරු මාර්ගය හරහා ගමන් ගත් මගියෙකු යතුරු පැදික ගැටීමෙන් රෝහල ගත කිරිමෙන් පසු මිය ගොස් ඇති බව දිඹුල පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ප්‍රදේශයේ පදිංචිව සිටි සුනිල් ජයවර්ධන නැමති 47 හැවිරිදි අවිවාහක පුද්ගලයකි.
කොටගල ස්ටොනික් ක්ලිප් වතුයායේ සිට කොටගල මවුන්ට් වර්නන් වත්ත දක්වා ධාවනය වෙමින් තිබු යතුරු පැදියකට කොටගල නගරයේ වෙළදසැලකින් භාණ්ඩ රැගෙන මාර්ගය හරහා මාරුවෙමින් සිටි අයෙකු යතුරුපැදියේ ගැටි අඩි කිහිපයක් ඉදිරියට විසි වි තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරිමෙන් මෙම පුද්ගලයා මිය ගොස් ඇත.