(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල මොරටු පාර සුවාරපොළ ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් 17 හැවිරිදි පිරිමි දරුවකු අද (21) මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි .
මෙසේ මියගොස් ඇත්තේ පිළියන්දල වෑවල ප්‍රදේශයේ පදිංචි පුබුදු අසංක නැමැත්තෙකි.
මියගිය පිරිමි ළමයාගේ පියාට අයත් යතුරු පැදියෙන් මිතුරෙකු සමග ගමන් කරමින් සිටිය දී මෙම අනතුර වී ඇති බව පොලිසිය කියයි .