මුහුදු ඌරෙකුගේ මළ සිරුරක්



(පද්මා කුමාරී කංකානම්ගේ)

නොරොච්චෝල පොලිස් බල ප්‍රදේශයට අයත් පනයඩිය වෙරළ තීරයට අද (6) ක්ෂීරපායි සත්වයෙකු වන මුහුදු ඌරෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා තිබේ.

අඩි 04ක පමණ දිගින් යුතු මෙම මුහුදු ඌරා නව යොවුන් වියේ සත්වයෙකු බැව්, වන ජීවී දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ අඩවි ආරක්ෂක මංජුල කුමාර මොරතැන්න මහතා කීය. මෙම ජීවීයා රතු දත්ත පොතටද ඇතුළත් දුර්ලභ සත්වයෙකු බැව් ඒ මහතා සඳහන් කරයි.                           

මීට වසර 04කට පෙර එනම් 2017 වසරේදී සංචාරක මග පෙන්වන්නකු වූ කල්පිටියේ මලිත් ඉෂාන් මල්ක මහතා කල්පිටි කලපුවේෙදී මුහුදු ඌරන් 05 දෙනෙකු පිළිබඳ නිරීක්ෂණය කර තිබිණි.

ඉන්පසු මුහුදු ඌරන් පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්තා නොවීය.