සුමතිපාල දීයගහගේ
ගාල්ල වරායේ සිට මුහුදු සැතපුම් 32 ක් ඈත මුහුදේ බහුදින යාත්‍රාවක සිටි, අසනීපවු බහුදින ධීවරයෙකු අද (4) ගොඩබිම වෙත ගෙනවිත් කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කළ බව නාවික හමුදාව පවසයි.
බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් තිබු ප්‍රසාදි -4 නැමැති බහුදින යාත්‍රාවේ සිටි ධිවරයෙකු අංශ භාග රෝගයට ලක්ව ඇති
බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාවට දැනුම්දී තිබේ.
ඒ අනුව වහා ක්‍රියාත්මකවූ දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් එම බහුදින යාත්‍රාව වෙත ගොස් දැනට පවතින වසංගත තත්වය සැලකිල්ලට ගෙන සියලු ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරමින් බහුදින යාත්‍රාවේ සිටි අසනිපවූ ධීවරයා වේග ප්‍රහාරක යාත්‍රාවට ගෙන එම යාත්‍රාව තුලදීම මූලික ප්‍රතිකාර ලබාදිමට නාවික හමුදාවේ වෛද්‍යවරුන් පියවර ගෙන ඇත.
පසුව එම ධීවරයා රැගත් යාත්‍රාව ගාලු වරාය වෙත පැමිණ රෝගියා කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කළ බව නාවික
හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසිය.