( එච් .චන්දන )
මුන්දලම - මංගලඑළිය ප්‍රදේශයේදී සිදු වු වෙඩි තැබීමකින් දෙදරු පියෙකු මිය යාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 12 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස නියෝග කළේය.
මංගලඑළිය - හේන්යාය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම (2) රාත්‍රීයේ සිදුවී ඇති අතර එයින් මංගඑළිය - සමිඳුගම පදිංචිව සිටි ගීත් මංගල පෙරේරා නැමති 37 හැවිරිදි පුද්ගලයකු මිය ගොස් තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ මංගලඑළිය - හේන්යාය පදිංචි කැළුම් පෙරේරා , චමිල පෙරේරා යන අයයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ වෙඩි තැබීමට යොදා ගත් බව සැකකරන බෝර 12 පතුරම් යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියක් ද පොලීස් බාරයට ගෙන තිබේ.