මීරිගම පවුල් පහක පිරිසක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටියදී කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වූ රැඳවියෙකු බැලීමට ගිය  මීරිගම හකුරුකුඹුර ප්‍රදේශයේ පවුල් පහක පිරිසක් අද (10) රාත්‍රී කන්දකාඩු කොරෝනා නිවාරණ මධ්‍යස්ථානයට යොමු කළ බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය.

එම පිරිස ඇසුරු කළ සමීපතම පවුල් හතරක සාමාජිකයන් ඔවුන්ගේ නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේය.

රැඳවියා බැලීමට ගිය පිරිස දුම්රියෙන් හා බස් රථයකින් ගමන් කර ඇති බවත් ඔවුන් මෙම ගමනේදී සෝමාවතී පුදබිම වන්දනාමාන කර ඇති බවත් අනාවරණය වී ඇත.

නැවත පැමිණි මෙම පිරිස් මීරිගම නගරය ඇතුලු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ගමන් කර ඇති බවත්  අසල්වැසි නිවෙස්වලට අමතරව ඔවුන් ඇසුරු කළ තවත් පිරිස් හඳුනා ගැනීමටද පියවර ගෙන ඇති බවත් මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේය.