මීටියාගොඩ කතගේ ඝාතනයට 6ක් අත්අඩංගුවට


(එම් .සුසිල් ප්‍රියන්ත )

මීටියාගොඩ වාචීශ්වර මාවත ප්‍රදේශයේදි තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇයගේ සැමියා, දරු දෙදෙනා , සොහොයුරා, සහ තවත් ඥාතීන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ හයදෙනෙකුට මරණිය තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හය දෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අද (23 ) අත් අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි .

මේ සැකකරුවන් හයදෙනාගෙන් හතරදෙනෙකුම කාන්තාවන් බව පොලීසිය කියයි.

මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර කරමින් සිටියදීද තවත් සැකකරුවෙකු දොඩන්දූව ප්‍රදේශයේදීද අනෙක් සැකකාරියන් හතරදෙනාම මිටියාගොඩ වාචීශ්වර මාවත ප්‍රදේශයේදීද සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බවද මීටියාගොඩ පොලිසිය කියයි .