(නිශාන්ත කුමාර)
මීගහකිවුල බීරගහඅරාව රක්ෂිතයට අද (06) දහවල් කිසියම් පිරිසක් ගිනි තබා ඇතයි පොලිසිය පවසයි.
වන සතුන් දඩයමේ ගිය පිරිසක් විසින් අද (06) උදෑසන මෙම ගින්න තබන්නට ඇති බවත් උදෑසන 11.00 පමණ වන විටත් ගින්න පැතිර යමින් තිබූ බවත් රක්ෂීතය පාමුල ගම්වාසීහු පවසති.
මෙහි ජල රක්ෂිත කීපයක්ම පිහිටා ඇති අතර කහට , නෙල්ලි, ඇඹුල් පේර ආදී ස්වාභාවික ගහ කොළ රැසක් වැවී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.
රක්ෂීතය තුල ඌරන්, මුවන් , ගෝනුන් , හාවුන් ආදී වන සතුන් බහුලව වෙසෙන අතර පහල ගම්මානවල දඩයක්කරුවෝ රක්ෂිතයේ පහල කොටසට ගිනි තබා ඉහළ ප්‍රදේශයේ රැක සිට ගින්නට බියේ පලා යන වන සතුන් පහසුවෙන් දඩයම් කිරීමට පුරුදුව සිටින බවත් මෙම ගම්මු වැඩිදුරටත් පවසති.
රක්ෂීතයට ළගා වීමට ඇති අපහසු තාවත් වියලි ගිය මානා වගාවත් හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර යන බවද ජනතාව පවසති.