(දයාරත්න ඇඹෝගම)
මෙම වසරේ ජනවාරි මස සිට මේ දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවියන් පස් දෙනෙකු මී උණ රෝගයෙන් මිය ගොස් ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් සෙෘඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි.
අනුරාධපුර දිස්ත්‍රික්කය තුල මී උණ රෝගය පැතිර යාමේ අවදානම සම්බන්ධයෙන් අප කළ විමසුමේදි වෛද්‍ය තේජන සෝමතිලක මහතා අද (21)දින මේ බව පැවසිය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින මී උණ රෝගය පිළිබදව අදහස් දැක්වු වෛද්‍ය තේජන සෝමතිලක මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසිය.
ගිය වසරත් මෙම වසරත් සසදා බලන විට ගිය වසරට වඩා මී උණ පැතිර යාමේ අවධානම වැඩිවි තිබෙනවා.
2019 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගින් වාර්තා වුනේ 160 දෙනෙක්.එහෙත් මේ වසරේ ජනවාරියේ සිට මේ දක්වා මී උණ රෝගින් 120 ක් වාර්තාවි තිබෙනවා.මින් මී උණ රෝගින් පස් දෙනෙක්ම මිය ගොස් තිබෙනවා.ඉපලෝගම,තලාව,තඹුත්තේගම,විලච්චිය හා තිරප්පනේ යන ප්‍රදේශ වලින් මේ ආකාරයට ගොවි මහත්වරු පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.
පසුගිය කාලයේ වැඩ නොකරපු කුඹුරැ රැසක් මේ වසරේ වැඩ කර තිබෙනවා.පසුගිය කාලයේ වැඩ නොකරපු කුඹුරැවල මීයන් බෝවිම නිසා මේ වසරේ මී උණ රෝගින් වැඩි වෙලා.
සමහර ගොවි මහත්වරැ කුඹුරැ වැඩ කරද්දි උණ රෝගය හැදුනත් එය නොසලකා එම කටයුතු අවසන් වන තෙක්ම ප්‍රතිකාර ලබා නොගැනිම මරණ වලට හේතුවි තිබෙනවා.
එම නිසා දින දෙකකට වැඩි කාලයක් උණ තිබුන හොත් වහාම රජයේ රෝහලකට ගොස් රුධිරය පරික්ෂා කොට ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක හා සසදා බලන විට මි උණ රෝගින් වාර්තා වන දිස්ත්‍රික වලින් අනුරාධපුර දිස්ත්‍රික්කය හත්වන ස්ථානයට පැමින ඇති බවද වෛද්‍ය තේජන සෝමතිලක මහතා මෙහිදි පැවසිය.