මියගිය දිවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරේ


(ජේ.කේ.එල් චාමින්ද)
 
නෙලුව හප්පිටිය මැණිකාවිට ප්‍රදේශයේදී මළ පුඩුවකට හසු වූ දිවියාගේ  මළ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය  උඩවලව ඇත්අතුරු සෙවන රෝහලේ පංශු වෛද්‍ය නිලධාරින් කණ්ඩායමක් විසින් සිදුකළ බව හික්කඩුව ජාතික  උද්‍යනයේ වනජිවි නිලධාරියෙක් සඳහන් කළේය.
 
මෙම දිවියා මන්දකට  හසුවීමෙන් පසු දින ගණනාවක් තිස්සේ ජලය නොමැතිව විජලනය වීමෙන් මරණයට පත්වී ඇති බව වනජිවි නිලධාරිවරයා පැවසීය.
 
වෙනත් සතෙකුට අටවනු ලැබූ මන්දකට  මෙම දිවියා හසුවී  ඇති බව සඳහන් කළ වනජිවි නිලධාරිවරයා  මේ පිළිබඳ අද (03) දින උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරණ බවද පැවසීය.
 
වන සංරක්ෂණ නිලධාරීන් පිරිසකට මෙම දිවියාගේ මළ සිරුර හමු වී ඇති අතර ඔවුන් එය වන ජීවි නිලධාරීන්ට දන්වා තිබුණි.