(අජිත්ලාල් ශාන්තඋදය)
එකම නිවසක ජීවත්වූ මාමා සහ බෑණා අතර වූ ආරවුලකින් පිහිඇණුම් කෑ බෑණා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර මාමා අද (01) සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුවිට උතුරු එක්නැළිගොඩ පදිංචි පනස් දෙහැවිරිදි පුද්ගයෙකි.
රෝහල් ගතකර ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකි.
සැකකරු සහ තුවාලකරු එකම නිවසේ ජීවත්වන අය බව කුරුවිට පොලිසිය පැවසුවේය.
සැකකරු මාමා වන අතර තුවාලකරු ඔහුගේ නංගිගේ පුතා බවද පොලීසිය සදහන් කරයි.
මෙම ආරවුල ඇතිවිමට පෙර සැකකරු සහ තුවාලකරු බීමත්ව සිටින්නට ඇතැයි පොලීසිය සැකකරයි.
ඒ සම්බන්‍ධව තහවුරු කරගැනිමට ඔවුන් අධිකරණ වෛද්‍ය නිලධාරින් වෙත යොමු කරන බවද පොලීසිය පැවසුවේය.
ආරවුලට හේතුවක් අනාවරණය වී නැතත් රාත‍්‍රී කාලයේ මත්වතුර බීමෙන් පසු ඔවුන් රංඩුසරුවල් ඇතිකරගැනීම සාමාන්‍ය දෙයක් බවට තොරතුරු ලැබී ඇති බවද පොලීසිය පැවසුවේය.
ඇදිරි නීතිය පැනවීමට පැයකට පමණ පෙර 31දා රාත‍්‍රී 09.00ට පමණ මෙම පිහි ඇණුම සිදුවී ඇතැයිද පොලිසිය සදහන් කරයි.