මාතලේ පුරන් කුඹුරු වල මී උණ පැතිර යාමේ අවදානමක්


(මහේෂ් කිර්තිරත්න)

මාතලේ දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගය වැළදුණු පුද්ගලයින් 28 දෙනෙකු මේ දක්වා කාලය තුළ සොයා ගෙන ඇති බවත් දිස්ත්‍රික්කයේ මේ වනවිට මී උණ  පැතිර යාමේ අවදානමක් පවතින බවත් මාතලේ ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මහතා පැවැසීය.

පුරන් කුඹුරු ආශ්‍රිතව අදාල බැක්ටීරියාව බහුලව දක්නට ලැබෙන බවත් මේ සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් වීම වැදගත් බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

ගොවීන් කුඹුරට බැසීමට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් මත ඩොක්සිසයික්ලීන් ( Doxycycline ) ඖෂධය සතියකට වරක් ගැනීමෙන් මී උණ රෝගයෙන් ආරක්ෂා වීමට හැකි බව වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

මී උණ වළක්වා ගැනීම සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම ගොවීන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් මත ඖෂධ ලබා දීමට කටයුතු කරන බවත් වෛද්‍යවරයා පැවසීය.