(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර ප්‍රදේශවාසීන් පිරිසක් අද (11) උදෑසන මාතර යටියන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් හිගුරුපත්තල මංසන්ධියේ දී උද්ඝෝෂණයක නිරතවුහ.
මාතර හම්බන්තොට නව දක්ෂිණ මාර්ගය ඉදිකිරීමේදී සාධාරණ වන්දි මුදල් නොලැබීම හා උද්ගතව ඇති ගැටලු වලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා
මේ හේතුවෙන් පැයකට අධික කාලයක් මාතර - යටියන, රත්මලේ - යටියන ඇතුළු මාර්ග රැසක වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිටිණි.
ලබන 28 වැනිදා අධිවේගී මාර්ගය විවෘත කිරීමට සැලසුම් සකස් කර ඇති බවත් ඉන් පසු වගකිව යුතු බලධාරීන් ද ඉවත්ව යාමෙන් තම ගැටලු විසඳා ගැනීමට නොහැකි වන බව ගම්මු චෝදනා කරති.

