මහනුවර ඇසළ පෙරහර සුපුරුදු පරිදිම


(මොහොමඩ් ආසික්)

මහනුවර  ඓතිහාසික  ශ්‍රී දළඳා මාළිගාවේ  ඇසල පෙරහැර මංගල්‍යය මෙවරත් සුපුරුදු පරිදි පැවැත්වීමටත්  පවතින  තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව එය නැරඹීම සඳහා බැතිමතුන්ට පැමිණීමට ඉඩ අවස්ථාව විවෘත නොකර  මෙවර පෙරහැරමංගල්‍යය පැවැත්වීමටත්  තිරණය කර   ඇති බවත්  මහනුවර  දියවඩන නිළමේ ප්‍රදීප්  නිලංක දෑල  බණ්ඩාර මහතා කීය.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර  මංගල්‍යය සම්බන්ධයෙන් රජයේ නිළධාරින් සහ මාධ්‍ය දැනුවත් කිරිම සඳහා අද (18) සවස පැවැති සාකච්ඡාවකදී  දියවඩන නිළමේ ප්‍රදීප් නිලංක දෑල බණ්ඩිර මහතා මේ බව කීය.


මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ සාකච්ඡාවකදී දියවඩන නිළමේ ප්‍රදීප් නිලංක දෑල බණ්ඩාර  මහතා සඳහන් කළේ  පවතින තත්වය හමුවේ පෙරහැර මංගල්‍යයේ  වෙනදා සහභාගී වූ නැටුම් කණ්ඩායම් යම් මට්ටමකට සීමා  කර නමුත් පෙරහර මංගල්‍යයේ  විචිත්‍රත්වය මෙන්ම සියලු චාරිත්‍රයන්ද ආරක්ෂා කර ගනිමින් මෙවර පවත්වන බවද කීය.

මෙවර  මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය වෙනදා මෙන්ම චාරිත්‍රානුකූලව  ජූලි මස 20 වනදා  6.52 ට යෙදෛන සුභ මොහොතින් සිව් මහා දේවාල කේන්ද්‍ර කර ගෙන කප් සිටුවීමේ මංගල්‍යය සිදු වන බවද දියවඩන  නිළමේ තුමන් කීය.

මෙවර ශ්‍රී දළඳා මාළිගාවේ පළමු කුඹල් පෙරහැර ජූලි මස 25 වනදා විදි සංචාරය කිරීමට නියමිත බවත්  ජූලි මස 29 වනදා දක්වා දින පහක් චාරිත්‍රානුකුලව කුඹල් පෙරහුර පැවැත්වෙන බවද කීය.

ජූලි මස 30 වනදා  සිට  අගෝස්තු මස  තුන්වන  වන  දින දක්වූ වූ දින  පහ තුල රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන බවද මෙහිදී දියවඩන නිළමේ ප්‍රදීප් නිලංක  දෑල මහතා කීය.

අගොස්තු මස හතරවනදා අළුයම දිය කැපීමේ මංගල්‍යයෙන් පසුව පැවැත්වෙන දිවා පෙරහර පවත්වා  ගෙවැදීමෙන්  අනතුරුව මෙවර පෙරෙහැර මංගල්‍යය  නිමාවට පත් කිරීමට නියමිත බවද දියවඩන නිළමේ තුමන් මෙහිදී කිය.