මසුන් අල්ලන්න ගිය අයකු ඔරුව පෙරැළී මරුට


(අශෝක තිලකරත්න)

හම්බන්තොට පතලයාගම වැවේ මසුන් අල්ලමින් සිටි අයෙකු ඔරුව පෙරැළී වැවට වැටී දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි   හම්බන්තොට  පොලිසිය පවසයි.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ අම්බලන්තොට පුහුල්යායේ පදිංචි පරණමාන ජයසූරිය (47) යන අයයි.

ඔහු තම සොහොයුරා වන සුමිත් පරණමාන යන අය  සමඟ මසුන් අල්ලමින් සිටියදී ඔරුව පෙරැළී ඇති අතර සොහොයුරා ගොඩට පීනා දිවි බේරා ගෙන ඇතැයි මේ සම්බන්ධයෙන් සිදු කළ මූලික  පොලිස්  පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මියගිය අයගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය අද (22) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

හම්බන්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පවත්වයි.