මන්නාරමේ පාසලක බඹර කූඩු 26 ක් ඉවත් කිරීමට පියවර


(රොමේෂ් මධුෂංඛ)


මන්නාරම වෙඩිතලතිව් ප්‍රදේශයේ පිහිටි පාසලක බැඳ තිබූ බඹර වද හේතුවෙන් පාසලේ අධ්‍යාපන කටයුතු වලට බාධා එල්ල වීමත් සිසුන්ට ඹඹර ප්‍රහාර එල්ල වීමත් හේතුවෙන් පාසලේ බැඳ තිබූ බඹර කූඩු 26 ක් කඩා ඉවත් කිරීමට පාසලේ විදුහල්පති ඇතුළු මන්නාරම් නගරසභාව විසින් පියවර ගනු ලැබුහ.


පසුගිය දින කිහිපය තුළදී වෙඩිතලතිව් ජෝෂප්වාස් මධ්‍යම විද්‍යාලයේ සිසුන් 08 දෙනෙකුට අවස්ථා කිහිපයකදී ඹඹර ප්‍රහාරයන් එල්ල  වූ අතර පසුගිය දින කිහිපයේදී පාසලේ අධ්‍යාපන කටයුතු වලටද දැඩි ලෙස බාධා එල්ල  විය.


ඊයේ (03)  දිනද එක් සිසුවෙකුට බඹර ප්‍රහාර එල්ල වීමත් සමඟ පාසලේ අධ්‍යාපන කටයුතු නැවත්වීමට සිදු වූ අතර පසුව ඒ පිළිබඳව මන්නාරම් නගරසභාව දැනුවත්  කර ඊයේ රාත්‍රියේදී මෙම බඹර කූඩු ඉවත් කිරිමට පියවර ගෙන තිබිණි.