මන්නාරමේ අනවසර ජා කොටු 8 ක් ඉවත් කරයි



 
(පද්මා කුමාරී කංකානම්ගේ)
 
මන්නාරම දකුණු මුහුදේ වන්කාලේ මාදැල් පාඩු පිහිටි නොගැඹුරු මුහුදේ බලපත් නොමැතිව අනවසරයෙන් ඉදිකර තිබූ රුපියල් ලක්ෂ 18 ක් පමණ වටිනා ජා කොටු 8 ක්  අද (5) මන්නාරම දිස්ත්‍රික් ධීවර කාර්යාලයේ නිලධාරීන් හා වන්කාලේ නාවුක හමුදා නිලධාරීන් එක්ව ගලවා ඉවත් කළ බව මන්නාරම දිස්ත්‍රික් ධීවර කාර්යාලය පවසයි.

මෙම වැටලීම පිළිබදව අදහස් දක්වමින්,මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ අයි.එම්.ජී.සරත් චන්ද්‍ර නායක මහතා පැවසුවේ, 1996 අංක දෙක දරණ ධීවර හා ජලජ සම්පත් පනතට අනුව වලංගු මෙහෙයුම් බලපත්‍රයක් නොමැතිව ජා කොටු ඉදිකිරීම සපුරා තහනම් බව යි. අදාළ නඩු භාණ්ඩ අද (5) මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.