සිරිනිහාල් ගමගේ
බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ නිලධාරීන් මගින් වදුරඹ ප්‍රදේශයේ සිදුකල සෝදිසි කිරිම් වලදි නිවාස හා ව්‍යාපාරික ස්ථාන 242 ක් පරික්ෂණයට භාජනය කර බෝවීමට හැකි අයුරින් තම නිවාස භූමි නඩත්තු කළ හත් දෙනකුට සෞඛ්‍ය ආරක්ෂක හේතු මත නඩු පැවරීමට කටයුතු කල බව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.පී.නවරත්න මහතා පැවසීය .
මේ දිනවල ඩෙංගු හා මී උණ රෝගීන් මෙම ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග මෙම සෝදිසි කිරීම් කළ බවත් මීට අමතරව නිවාස හා ව්‍යාපාරික ස්ථාන 18 සදහා රතු නිවේදනය නිකුත් කළ බවයි.
ඔවුන් ලබාදුන් උපදෙස් අනුව ක්‍රියා නොකර සිටියහොත් නඩු පැවරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය නිලධාරීන් පැවසීය .