මදුරන්කුලියේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර


(එච්. චන්දන )

හෙරෝයින් සහ අයිස් මත් කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මේ මස 07 වැනිදා දක්වා රදවා ගෙන ප්‍රශ්න කිරීමට පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ලහිරු නිර්මාල් ද සිල්වා මහතා මුන්දලම පොලීසිය අවසර ලබා දී ඇත.
 
රදවාගෙන ප්‍රශ්න  කිරීමට අවසර ලැබී ඇත්තේ නොරචෝලේ - පුලිදිවායල් පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.
 
වෑන් රථයකින් හෙරෝයින් සහ අයිස් මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටින විට ගුවන් හමුදා නිලධාරීන් විසින් සැකකරු පසුගිය 01 වැනිදා මදුරන්කුලිය - නාගවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
 
සැකකරු සතුව හෙරෝයින් මත් කුඩු ග්‍රෑම් 12.05 ක් සහ අයිස් මත් කුඩු ග්‍රෑම් 47.5 ක් තිබී ඇත.ගුවන් හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු සහ මත් කුඩු තොගය වැඩිදුර විමර්ශණ කටයුතු සදහා මුන්දලම පොලීසියට බාර දීමට කටයුතු කර ඇත.