බිමල් ෂ්‍යාමන් ජයසිංහ
මීගොඩ නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ දෙමහල් නිවසක රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ රජයේ මත්පැන් විකුණන ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 21 පමණ වටිනා මත්පැන් බෝතල් 600 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
ඇඳිරි නීතිය පවතින අවස්ථාවේදී මත්පැන් හල් වසා තිබීම හේතුවෙන් කාලයක සිට මෙම මත්පැන් ගබඩා කර තබාගෙන රුපියල් 3500 සහ 5000 ත් අතර ඉහල මිලකට විවිධ පුද්ගලයන් වෙත විකුණා ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
සැකකරු 42 හැවිරිදි පුද්ගලයෙකි .
උප පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.