මත්ද්‍රව්‍යට එරෙහිව යාපනයේ රාජ්‍ය සේවකයෝත් වීදි බසිති



 
රොමේෂ් මධුෂංඛ

යාපනය දිස්ත්‍රීක්කයේ මත් උවදුර හිස ඔසවා ඇති හෙයින් මත් උවදුර සහමුලින්ම දුරු කරන ලෙසට ඉල්ලා කරයෙනගර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජ්‍ය සේවකයන් විරෝධතා පාගමනක් සංවිධානය කෙරිණි.


කරයෙනගර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවකයින් හා ප්‍රදේශවාසීන් රැසක් විසින් ඊයේ (03) සවස කරෙයිනගර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටින් විරෝධතා පා ගමන ආරම්භ කර කදිරවේලායුද ස්වාමි හින්දු කෝවිල් දක්වා ගමන් කර ඇති අතර අදාළ පාගමන අතරතුර ප්‍රදේශවාසීන් ද දැනුවත් කර සිටියේ හැකි අයුරින් මත් උවදුරින් ආරක්ෂා විය යුතු බව දැනුම් දෙමිනි.


විරෝධතා පාගමනේ යෙදී සිටි පිරිස් වැඩිදුරටත් මෙසේ පැවසීය.


‘මේ වන විට උතුරු පළාත මත්ද්‍රව්‍ය හේතුවෙන් දැඩි අවධානම් අවස්ථාවක සිටින අතරම මත්ද්‍රව්‍යට ඇබ්බැහි වීම නිසා නිතර කෝලාහලයන් ඇතිවීම් ජීවිත හානි මෙන්ම විවිධ ගැටලු වලට ජනතාවට මුහුණ දීමට සිදුවී ඇති හෙයින් වහාම උතුරේ මත් උවදුර දුරු කිරීමට සියලු ජනතාව එක්විය යුතු බවයි.


එමෙන්ම උතුරේ තරුණ පරපුර දැඩි ලෙසින් මත් උවදුරට ඇබ්බැහි වී සිටින අතර තරුණ පරපුර මත් උවදුරින් රැක ගැනීමට අවශ්‍ය පියවර සියලු බලධාරීන් එක්ව විධමත් පියවරක් ගත යුතු බවටද විරෝධතාවයේ එක් වූවන් වැඩිදුරටත් පැවසීය.