(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ග්‍රෑන්ඩ්පාස් තොටළඟ බේකරිවත්ත ප්‍රදේශයේ නිවසක් වටලා හෙරොයින් මත්කුඩු, මුදල් සහ ඇත්දළ යුවළක් සමඟ පුද්ගලයෙක් අද (8) අත්අඩංගුවට ගත් බව වෙරළබඩ පොලිසිය කියයි.
එම සැකකරු සමඟ මත්කුඩු ග්‍රෑම් 10 ක් ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් 255,000 ක් හා ඇත් දළ යුගළක් පොලිස් බාරයට ගනු ලැබීය.
තොටලග බේකරි වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ මත්කුඩු පැකට් කරන බවට වෙරළබඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක කුමාර මහතාට ලද රහසිගත තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පොලිස් නිලධාරියකු කීය.