(නාලක ජේ හෙට්ටිආරච්චි සහ සමිපත් ප්‍රියනන්දන)
බලන්ගොඩ බෙලිහුල්ඔය හතරභාගේ රජයේ වනයට අනවසරයෙන් ඇතුළු වි එළිපෙහෙළි කළ සහ ගිනි තබා වනයට හානි කල පුද්ගලයන් තුන්දෙනෙකුට රුපියල් 105,000ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (19) දා නියෝග කලේය.
බලන්ගොඩ බෙලිහුල්ඔය කිංචිගුනේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකුට මෙලෙස දඩ නියම විය.
ඉන් දෙදෙනකු රක්ෂිතයට ඇතුළු වි රක්ෂිතයේ අනවසරයෙන් එළිපෙහෙළි කර වගා කටයුතු කිරිම සදහා කමිබි වැටවල් ගසා තිබෙන අතර ඔවුන් දෙදෙනාට එක් අයෙකුට රැපියල් 40,000 ක බැගින් දඩ නියම විය.
රක්ෂිතයට ගිනි තබා ඉඩමි අත්පත් කර ගත් අනිත් පුද්ගලයාට රුපියල් 25,000 ක දඩ මුදලක් නියම විය.
බලන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතාගේ උපදෙස් පරිදි බලන්ගොඩ වන සංරක්ෂණය කාර්ලයාලයේ නිළධාරීන් විසින් මොවුන්ට එරෙහිව නඩු පවරා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළහ.