(ජයන්ත සමරකෝන්)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල හා මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් අද (09) ආහාර වර්ජනයක යෙදෙමින් උපවාසයක නිරත වූ බව එම බන්ධනාගාරයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
දවස පුරාම සිරකුටිවලට දමා වසා ඇති බව කියමින් 14 දෙනෙකුගෙන් යුත් මෙම රැඳවියන් පිරිස අද දහවල් ආහාරය සහ රාත්‍රී ආහාරය ගෙන නැති බවත් තමන්ගේ ගැටලු වලට විසඳුමක් ලැබෙන තෙක් මෙම උපවාසයේ නිරත වන බවද එම බන්ධනාගාරයේ ප්‍රකාශකයෙකු පැවසීය.
මීට පෙරද මෙම පිරිස මෙවැනිම උපවාසයක් ආරම්භ කළ අතර බන්ධනාගාර නිලධාරීන් ඊට විසඳුමක් ලබා දෙන පවසමින් පිටව ගොස් ඇත.