(සුමතිපාල දීයගහගේ )
ගාල්ල බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ
ජාත්‍යන්තර නෞකා ආරක්ෂණ රාජකාරී කටයුතුවල නිරත තවත් පුද්ගලයින් 14 දෙනෙක් අද (25) එම මධ්‍යස්ථානයෙන්
පිටව ගිය බව නාවික හමුදාව පවසයි.
මොවුන් සියලුදෙනාම රජයේ සෞඛ්‍ය උපදෙස්වලට අනුව නිරෝධායන මධයස්ථානයෙන් පිටත්කර ඇත. මේ අතර මෙමපිරිස සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කළ බවට ලබා දෙන සහතිකද පිරිනැමූ බවද නාවික හමුදාව පැවසිය.
මේ අතර අද වන විට බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 193
දෙනෙක් පිටව ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 85 දෙනෙක් තව දුරටත් නිරෝධායන කටයුතුවල නිරතව සිටින බවද
නාවික හමුදාව පැවසිය.