බැදිගම්තොට වැලි ජාවාරමක් වටලයි


(දිලීප් ජයසේකර) 

සූරියවැව හා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යල බලප්‍රදේශ දෙකටම මායිමව පිහිටා ඇති සූරියවැව බැදිගම්තොට ප්‍රදේශයේ වලවේ ගඟ ආශ්‍රිතව සිදුකරගෙන ගිය වැලි ජාවාරමක් වටලා පුද්ගලයකු අත්අඩංගුවට සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් අද (7) දහවල් සමත් වූහ. වැටලීමේ දී බෝට්ටු 06 ක්, වැලි ටිපර් 1 හා පොලිස් බාරයට ගැණිනි.

සැකකරුවන් කලක් තිස්සේ කිසිදු බලපත්‍රයක් නොමැතිව වලවේ ගඟ ආශ්‍රිතව ඉවුරු ඛාදනය වන අයුරින් හා ගඟට යාබදව තැනින් තැන අනාරක්ෂිත අයුරින් ඉතා විශාල ප්‍රමාණයේ වළවල් හාරා වැලි කැණීම් සිදුකර තිබේ.

මෙම ජාවාරම්කරුවන් පිළිබඳව අවට ජනතව විසින්ම සිදුකරන ලද දැනුම් දිමකට අනුව මෙම වැටලිම කර තිබේ. වැටලිම කරන අවස්ථාව වන විට එහි එක් සැකකරුවෙක් සිට ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

සැකකරු සමග වැලි ජාවාරම සඳහා යෝදාගත් බෝට්ටු ඇතුළු උපකරණ අධිකරණ කටයුතු සදහා ඉදිරිපත් කිරිමට සුරියවැව පොලිසියට බාර දි තිබේ.