බාලවයස්කාර දැරිය අපහරණය කළ තරුණයා අත්අඩංගුවට


                                                                     
(චන්දන ප්‍රනාන්දු)                                             
                                  
දන්කොටුව පොලිස් බල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් මාපිය බාරයෙන් රවටා රැගෙන ගොස් අපහරණය කිරිම සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි.  

                                                                                   
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන 19 හැවිරිදි සිංගක්කුලිය  ප්‍රදේශයේ තරුණයෙකි.                                                                                                                 
තම දියණිය සිටි නිවසින් අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
                                                                           
සැකකරු මෙම දැරියව පසුගිය ජූලි මාසයේදිත් කිසිවෙකුට නොදන්වා පාසලට යන අතරතුර රවටා රැගෙන ගොස් ඇති බවට පරික්ෂණවලදී හෙළි වී තිබේ.
                                                                     
මෙම දැරියව සැකකරු විසින් ප්‍රදේශයේ ලැගුම්හළකට ගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වු බවත් බාලවයස්කාර දැරියකට මෙලෙස නවාතැන් දීම සම්බන්ධයෙන් එම ලැගුම්හළට එරෙහිව පියවර ගැනිමට ද විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.
                                                                                                                                                දැරියව වෛද්‍ය පරික්ෂණයක් සඳහා මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවත් සැකකරු මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.