(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බළන්ගොඩ නගරයේ කසල එකතු කිරිමේ කටයුතු සහ නගරය පිරිසිදු කිරීමේ කටයුතු ඇණහිටීම නිසා බලන්ගොඩ නගරයේ සහ නගර සභා බල ප්‍රදේශයේ තැනින් තැන විශාල කසල ගොඩවල් ගොඩ ගැසී ඇතැයි නගර වාසීහු කියති.
2021 වර්ෂය සදහා බලන්ගොඩ නගරසභාවේ පුනරාවර්තන වියදම් දැරිම සදහා අනුමැතිය ලබා ගැනිම වෙනුවෙන් පැවැති ඡන්ද විමසිමකදි එම යෝජනාව පරාජයට පත් විම හේතුවෙන් සියලුම සනිපාරක්ෂක කටයුතු ඇතුළු අනිකුත් අතවශ්‍ය සේවා සදහා මුදල් වියදම් කිරිමට නොහැකි විම හේතුවෙන් එම තත්ත්වය ඇති වී තිබේ.
මේඅතර බලන්ගොඩ නගරයේ අප ජල බැස යන කාණු පද්ධතියද පිරිසිදු නොකිරීම හේතුවෙන් විශාල දුර්ගන්ධයක්ද වහනය වෙමින් පවති.
ඇති වි තිබෙන තත්ත්වය නිසා නගරයේ වෙළෙදසල් හිමියෝ මෙන්ම නගරයට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.