බස්රථයකට යට වීමේන් 73 හැවිරිදි කාන්තාවක් මරුට


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ ප්‍රධාන බස් නැවතුම්පොළේ දී පෞද්ගලික   බස්රථයකට යට  වීමේන්   වයස අවුරුදු 73 ක  කාන්තාවක් අද (21) මියගොස් ඇතැයි  පොලිසිය පවසයි.

හෙලවත්ත ,පස්සරමුල්ල ,ඉඔුල්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි  වයි.ජි. කුසුමාවති  නැමැති කාන්තාවක්  මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පැවැසිය. 

මුල්ගම ප්‍රදේශයේ  සිට  බලන්ගොඩ  දක්වා  ධාවන  වූ  බස්රථක්  බස් නැවතුම්පලට ඇතුළු  කිරීමේදී   එම  කාන්තාව   මෙලෙස  බස්  රථයට   යටවී  ඇති බව පොලිසිය කීය.

අනතුරින් එම කාන්තාවගේ එක් පාදයකට   බරපතල තුවාල  සිදුවිම  හේතුවෙන්   බලන්ගොඩ මුලික  රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස්  ඇත.

අනතුර සම්බන්ධයෙන් බස්රථය  සමඟ   රියැදුරු  බලන්ගොඩ පොලිසිය  මගින් අත්අඩංගුවට ගෙන ඇත.