(එම් .සුසිල් ප්‍රියන්ත )
බලපිටිය මූලික රෝහලේ සේවකයෝ පිරිසක් අද(07) රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
රෝහලේ ආපනශාලා හිමිකරු හා ඔහුගේ පුත්‍රයාගේ ප්‍රහාරයෙන් රෝහලේ හිටපු සේවකයකු මිය ගියේ යැයි පවසමින්, එම මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා ඔවුහු විරෝධය පැවැත්වූහ. හෙද නිලධාරීහුද මීට එක්ව සිටියහ.
ඝාතකයින්ගෙන් තමන්ටද මරණ තර්ජන එල්ල වී ඇතැයි කී සේවකයෝ සැකකරුවන්ට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියහ.
අම්බලන්ගොඩ පොලීසියෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරුවන් නීතියේ රැහැනට හසුකරගෙන මේ වනවිටත් ඔවුන්ට නීතියේ ප්‍රකාරව කටයුතු කරන බවයි. යම් සේවකයකුට මේ සැකකරුවන්ගෙන් මරණ තර්ජන තිබේ නම් පැමිණිලි කරන ලෙසද, එවිට පරීක්ෂණ පවත්වන බවද ඔහු පැවසීය.


