(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි)
බලපත්‍රයක් නොමැතිව මත්පැන් තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (12) සැකපිට අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ තලවකැලේ රත්නිල්ලකැලේ ප්‍රදේශයේම පදිංචිකරුවෝ වෙති.
තලවකැලේ නගරයේ මත්පැන් අලෙවිසැලක සිට තලවකැලේ රත්නිල්ලකැලේ ජනපදය දක්වා මත්පැන් බෝතල් 54 ක් සහ බියර් බෝතල් 50 ක් වෑන් රථයෙන් ප්‍රවාහනය කරමින් සිටියදි තලවකැලේ නගරයේ රථ වාහන අංශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
කෝවිඩ් 19 වයිරසය පැතිරයාමේ අවධානමත් සමග යලිත් ඇදිරි නීතිය පනවන බවට සැක සිතූ සැකකරුවන් එම කාලය තුළ අධික මිලට මත්පැන් අලෙවි කිරීම සඳහා හම මත්පැන් බෝතල් තොගය ප්‍රවාහන කරමින් සිටි බව තලවකැලේ පොලිසිය කියාසිටියි.
සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර සැකකරුවන් එරෙහිව නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව තලවකැලේ පොලිසිය පවසයි.