(අධිකාරි මුදියන්සේ )
පොල්ගහවෙල ලේකම් කොට්ඨාසයේ අරඹේපොල බලපත් නොමැතිව නොමැතිව පවත්වාගෙන ගිය විශාල ගල් කොරියක් අදද (25) දා වැටලූ බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.
දීර්ඝ කලක පටන් පරිසරයට දැඩි හානි සිදුකරමින් පවත්වාගෙන ගිය මෙම ගල් කොරිය පිළිබඳ ගම්වැසියන් භූ විද්‍යා හා පතල් කාර්යංශයේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම වැටලීම හා පරීක්ෂාව සිදු කළ බවත් භූ විද්‍යා නිලධාරීන් හා පොතුහැර පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට යන විටත් ගල් වෙඩි දැමීමට සූදානම් කරමින් සිටි ඇති අතර ඒ සඳහා භාවිතා කළ අදි බලති ගල් විදින යන්ත්‍ර හා උපකරණ සමඟ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව භූ විද්‍යා හා පතල් කාර්යංශයේ වැටලීම් අංශයේ නිලධාරී විශ්‍රාමික මේජර් ඒ. එච්. එල් ජයන්ත මහතා පැවසීය .
අත් අඩංගුවටගත් උපකරණ හා පුද්ගලයා පොතුහැර පොලීසියට භාර දුන් බවත් බලපත්‍ර නොමැතිව කොපමණ කාලයක් මෙම ගල් කොරිය පවත්වාගෙන යාම හා පරිසරයට වූ හානිය රජයේ නිවාඩු දිනකදී ගල් වෙඩි දැමීම සම්බන්ධයෙන් ස්ථානීය පාෂාණ සාම්පල පරීක්ෂාකර ගල් කොරියට හා හිමිකරුට එරෙහිව නීතිමය කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය .