බඹරු ඇනීමෙන් වතු කම්කරු කාන්තාවන් 5දෙනෙකු රෝහලේ


(ශාන්ත චන්ද්‍රසිරි)
 
ආගරපතන, ග්ලාස්ගෝ වත්තේ සේවය කරන වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු බඹරු ඇනීමෙන් තුවාල ලබා  අද (22)  ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
 
එම පිරිසගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය  තරමක් බරපතල බවත්, ඉතිරි පිරිස සාමාන්‍ය තත්ත්වයේ පසුවන බවත් ආගරපතන ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය හර්ෂ ජයරත්න  මහතා කීය.
 
ගසක බැඳ  තිබූ බඹර කූඩුවක බඹරුන් ඇවිස්සී වතුයායේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන්ට ඇන ඇතැයි වතු කම්කරුවෝ පවසති.