බදුල්ල මහරෝහලේ වෛද්‍යවරුන්ට යැයි පවසා මුදල් වංචා කරලා


පාලිත ආරියවංශ

කොරෝනා උවදුර දුරු කිරීම සදහා කැපවී කටයුතු කරන බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයන් සදහා යැයි හගවමින් වංචා සහගත ලෙස මුදල් රැස්කළ සංවිධානත්මක කණ්ඩායමක් සොයා බදුල්ල පොලිසිය පරික්ෂණයක් ආරම්භ කරතිබේ .

බදුල්ලේ සන්නිවේදන ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයෙකුගෙන් මෙසේ රුපියල් 12000 ක මුදලක් වංචා සහගත ලෙස ලබාගැනීමෙන් අනතුරුව ඔහු විසින් බදුල්ල පොලිසියට පැමිණිලි කර තිබිණ .

එම මුදල ලංකාබැංකුව හරහා ලබාගෙන ඇති අතර මීට අමරතව රෝහල් සේවකයෙකුගෙන් රුපියල් 2000 ක මුදලක් ඊෂි කෑෂ් ක්‍රමයට ලබාගෙන ඇති බව පොලිස් විමර්ශන වලදි මේ වන විටත් අනාවරණය වී ඇතැයි ‍ බදුල්ල පොලිසිය සදහන් කරයි .

මෙම වංචනියකයන්ට විශාල පිරිසක් හසුවී ඇතැයි සැකකරන අරත එවන් කෙනෙක් වේනම් බදුල්ල පොලිසියට දැනුම්දෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි .

ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට , බදුල්ල ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත හා සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි .