(පාලිත ආරියවංශ)
දෙවන විමලධර්මසූරිය රජ දවස ඉදිකරන ලදැයි සැලකෙන බදුල්ල ඓතිහාසික කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යය 09 වැනිදා කප් සිටුවීමෙන් ආරම්භ කරන බව බස්නායක නිළමේ රංජිත් උදයකුමාර දිසානායක මහතා පැවසීය.
මේ මස 10 වැනිදා සිට 15 වැනිදා දක්වා දේවාල්‍යාභාන්තර පෙරහර 16 වැනිදා සිට 20 වැනිදා දක්වා කුඹල් පෙරහරද, 21 වනදා සිට 25 වනදා දක්වා රන්දෝලි පෙරහරද පැවැත්වේ.
25 වැනිදා අවසන් රන්දෝලි පෙරහර වඩාත් උත්කර්ෂවත් වන බවත් මුතියංගන රාජ මහා විහාරස්ථානයේ සධාතුක කරඬුව පෙරටු කොට මෙම පෙරහර පැවැත්වෙන අතර බදුල්ල පත්තිනි දේවාලයේ පෙරහර රජ සවස සිට පැවත එන සිරිත් අනුව මෙම පෙරහරට එකතු වන බවත් බස්නායක නිලමේ රංජිත් උදය කුමාර දිසානායක මහතා සදහන් කළේය.
කඹේ නැටීම හා පෙත්ත කැරකැවීම යන බදුල්ල කතරගම දේවාලයට පමණක් ආවේණික සංස්කෘති අංගයන් අවසන් රන්දෝලි පෙරහර ගෙවැදිමට පෙර සිංහාසන මණ්ඩපය ඉදිරියේ මෙවරද පැවැත්වේ.
26 වනදා අලුයම බදුලුඔයේ තොටුපලේදි දිය කැපීමෙන් හා ගිනි පෑගීමෙන් මෙම ඇසළ මංගල්‍යය නිමාවට පත්වේ.