
(ගල්ගමුව නිහාල් ජයවීර )
වී වගාවට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් මීගලෑව මහවැලි කොට්ඨාසයේ වැලියාව ගොවි සංවිධානයේ ගොවිහු පිරිසක් වැලියාව කුඹුරු යායේ උද්ඝෝෂණයක් පැවැත් වූහ .
කුඹුරු යායේ ලියැදිවල සිට හා යායේ ගස් උඩට නැඟ විවිධ සටන් පාඨ ලියු පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් හා සටන් පාඨ කියමින් පැය දෙකක පමණ කාලයක් ගොවීහු මෙසේ උද්ඝෝෂණය කළහ .

