උපාලි ආනන්ද
හෙරෝයින් පානය කරන පුද්ගලයින් හෙරෝයින් නොමැති අවස්ථාවල ඒ වෙනුවට පානය කරන බව කියන පෙති වර්ගයක් පොසොන් සතියේ අලෙවි කළැයි වරද පිළිගත් සැකකරුවකුට තඹුත්තේගම මහේස්ත්‍රාත් රමිලා නදීෂානි මහත්මිය මාසයක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළාය.
මෙසේ සිර දඬුවම් නියම වූයේ එප්පාවල රත්නෙල්ලම්පිටිය අංක 71 ලිපිනයේ දුලිප් ප්‍රමිල කුමාර නම් පුද්ගලයකුටය.
උතුරු මැද පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ආර් එම් රත්නායක මහතාගේ මෙහෙවීම මත පොසොන් සතිය තුල වැටලීම සිදු කර තිබිණ.