පොලිස් කොස්තාපල්වරයෙක් රාජකාරි ගිනි අවියෙන් වෙඩිතබා ගනී



එෆ්.අස්ලම් සහ රොමේෂ් මධුෂංක
 
යාපනය කන්කසන්තුරෙයි පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු සිය රාජකාරී ගිනි අවියෙන් ගිනි තබා ගෙන ජීවිතක්ෂයට පත්ව ඇත.
 
මෙම අනතුර සිදුකරගෙන ඇත්තේ අද (3) වැනි දා පස්වරු 1.45ට පමණ බවත් මෙකී නිලධාරියා ගිනි අවිය පපු ප්‍රදේශයටම තදකර ගනිමින් වෙඩි තබාගෙන ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
 
කන්කසන්තුරෙයි පොලිස් අධිකාරී කාර්යාලයේ ගේට්ටු ආරක්ෂක රාජකාරියේ නිරතව සිටියෙදී මෙම අනතුර සිදුකර ගෙන තිබේ.
 
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ  පදිංචි 91757 අංක දරණ එන්.නසීරන් නැමති පොලිස් නිලදාරියකු බවත් ඔහු මීට කලකට ඉහතදී පොලිස් සේවයට බැදී ඇති නවක නිලධාරියකු බවත් පැවසේ.