පොල්ගොල්ල ජලාශයෙන් නාඳුනන මළ සිරුරක් හමු වෙයි


(මොහොමඩ්  ආසික්)

මහවැලි ග‍ඟේ පාවෙමින් තිබූ නාඳුනන මළ සිරුරක් පොල්ගොල්ල ජලාශයේ වාන්  දොරටු  අසල රැඳී තිබියදී පොලිසිය මගින් අද (01) වනදා සොයා ගනු ලැබ තිබේ.

පොල්ගොල්ල ජලාශයේ නිළධාරි මහතෙකු විසින් ජලාශයේ   දොරටු අසල රැඳි තිබූ මෙම මළ සිරුර සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියට දැන්වීමෙන් අනතුරුව පොලිසිය අදාළ ස්ථානයට ගොස් පරීක්ෂණ කටයුතු ආරමභ කරනු ලැබීය.

මිය ගොස් ඇති මෙම පුද්ගලයා වයස අවුරුදු 50 -60  ත් අතර විහ හැකි බවට විශ්වාස කරන බවත්  මෘත ශරීරය පවතින තත්වය අනුව දින තුනකට පමණ පෙර මිය යන්නට ඇති බවත් පොලිසිය විශ්වාස කරයි.

මෙම මෘත ශරීරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ( සොකෝ) නිළධාරින් විසින්ද පරීක්ෂණ සිදු කරනු ලබයි.

මිය ගොස් ඇති මෙම නාඳුනන පුද්ගලයාගේ මෘත ශරීරය හඳුනා ගැනීම සඳහා සහාය වන ලෙස පොලිසිය ජනතවගෙන් ඉල්ලා සිටියි.

කටුගස්තොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි.