(ප්‍රියානි මංගලිකා )
නිකවැරටිය ,හුලුගල්ල ප්‍රදේශයේ පදිංචි ,කුලියට පොල් කැඩීමේ නිරතව සිටි 54 හැවිරිදි පුද්ගලයනු නිවසක පොල් කඩමින් සිටියදී ගසින් වැටී ඇද වැටීමෙන් අද (26) මියගිය බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.
අනතුරට ලක්වු පුද්ගලයා නිකවැරටිය මූලික රෝ හලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මොහු මරණයට පත්ව ඇති බවද පොලීසිය පවසයි .
මෙසේ මරණයට පත්ව ඇත්තේ ,නිකවැරටිය හුලුගල්ල ප්‍රදේශයේ පදිංචි ඩබ් .එම්.චන්ද්‍රසේන (54)නැමති අවිවාහකයාය.
මියගිය අයගේ සිරුර පිලිබඳව හදිසි මරණ පරීක්ෂණය කුරුණෑගල මහ රෝහලේ දී සිදු කිරීමට නියමිත බවද,සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවද පෙලීසිය වැඩිදුරටත් සඳහන් කලේය