පොරොවකින් පියාට පහරදුන් පුත්‍රයා අත්අඩංගුවට


(ක.ග.කරුණාරත්න)

බකමූණ අතරගල්ලෑව, පෙතංආර ප‍්‍රදේශයේදී තම පියාට පොරොවකින් පහරදී  ඝාතනය කර පොලිසිය මඟහැර සැඟවී සිටි මරණකරුගේ පුතෙකු වන 22 හැවිරිදි තරුණයෙකු එම ප‍්‍රදේශයේ හේනකදී අද (31) අත්අඩංගුවට ගත් බව  බකමූණ පොලිසිය කියයි.

ඝාතනයට යොදා ගත් බව කියන පොරොවද පොලිසිය විසින් සොයාගෙන ඇත.

අතරගල්ලෑව,පෙතංආර පදිංචි 52 හැවිරිදි සය දරු පියෙකු වන ඩබ්ලිව්.ජී.විජේසිංහ යන අය ඔහුගේ පුතා සමඟ ඇතිකර ගත් ආරවුලකින් පසුව මෙසේ ඝාතනයට ලක්වී ඇතිබව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය කරගෙන තිබුණි.

සැකකරු අත් අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී මේ ඝාතනය තමන් විසින් සිදුකළ බව පොලිසියට ප‍්‍රකාශ කර තිබේ.

තම පියා දිනපතාම බීමත්ව නිවෙසට පැමිණ සිය මවටත් තමන් ඇතුලූ පවුලේ සහෝදර සහෝදරියන්ටත් හිරිහැර කරන බවද පවසා ඇත.

මේ සිද්ධිය වන අවස්ථාවේ සැකකරුද බිමත්ව සිට ඇතිබව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණයවී ඇතැයි පොලිස් නිලධාරීහු පැවැසූහ.

බකමූණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.