( එච්.චන්දන සහ රෝවන් පෙරේරා )
පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ සෙව්වන්තිව් ලුණු ලේවායේ අතහැර දමා තිබූ පොල් අතු මඩුවක තිබූ ජීව අත් බෝම්බයක් පුපුරුවා හැරීමට විශේෂ කාර්ය බලකායේ නිළධාරින් කටයතු කළේය.
පුත්තලම පොලීසියට අද(01 )දින ලැබුණු තොරතුරකට මත පුත්තලම පොලීසියේ අපරාධ අංශයේ නිලධාරින් එම ස්ථානයේ සිදු කල මූලික පරීක්ෂණයෙන් පසුව පුත්තලම අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුව මෙම පිපිරීම සිදු කළේය.
එම ලුණු ලේවායේ අත හැර දමා තිබූ මඩුව සුද්ද කිරීමට යාමේදී එහි හිමිකරු විසින් මෙම ජීව අත් බෝම්බය දැක පොලීසිය දැනුවත් කර ඇත.
පොලිතින් කවරය බහා තිබූ ජීව අත් බෝම්බය විදේශ රටක නිෂ්පාදිත ටයිප් 82 වර්ගයට අයත් එකක් බවත් බෝම්බය පිපිරීමේ කටයතු සිදු කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු පැවසූහ.




